preloader

සාදරයෙන් පිළිගනිමු

ආයුබෝවන් මැදදුම්බර ප‍්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

මැදදුම්බර ජනතා සුබ සාධනය උදෙසා කටයුතු කිරීම අපගේ ඒකායන අරමුණයි. මේ තුලින් අප ඔබ වෙත ලබා දෙන සේවාවන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඉටුකර ගත හැක. ගෙවීම පිළිබද තොරතුරු සහ ප‍්‍රාදේශීය සභාවේ ඔබට අවැසි වෙනත් සේවාවන් පිළිබද තොරතුරු ක්‍ෂණිකව ලබා ගැනීමටද ඔබට මේ මඟින් පහසුකම් සලසා ඇත. එමෙන්ම ප‍්‍රාදේශීය සභාව විසින් ඔබ වෙත ලබා දෙන සේවාවන්ට අදාල, අවශ්‍ය වන බොහෝ ඉල්ලුම් පත‍්‍රද මේ තුළින් බාගත කර ගත හැකිය. තවද ප‍්‍රාදේශීය සභාවෙන් සිදුකරන සේවාවන් පිළිබද ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබද පැම්ණිලි කිරීමටද සභාවේ කටයුතු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ඔබට යම් යෝජනාවක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමටද මේ තුළින් පහසුම් සලසා ඇත.

ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව සේවාවන් ලබා දීමට මේ තුළින් පහසුකම් සලසා ඇති බැවින් අප හා එක් වී ඔබගේ වටිනා කාලය හා ශ‍්‍රමය ඉතිරි කර ගනිමින් ඔබට අවශ්‍ය සේවාව ඉටු කර ගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරමු.


ලේකම්තුමියගේ පණිවිඩය

මැදදුම්බර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ මහජන සේවාවන් සැපයීම සදහා නව තාක්ෂණය භාවත කිරීමේ එක් පියවරක් ලෙස ආයතනයේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම මගින් ඵලදායීව හා කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම මා ඇතුළු කාර්යය මණ්ඩලයේ අභිලාශයයි. අප කාර්යය මණ්ඩලය අත්පත්කොට ගෙන ඇති සියලු ජයග‍්‍රහණ මැදදුම්බර ජනතාවගේ සුභසාධනය යහ පැවැත්ම උදෙසා ගන්නා ලද ප‍්‍රයත්නයන්හි අනගි ප‍්‍රතිඵල බව සිහිපත් කරන අතර එකී සේවාවන් තවදුරටත් පුළුල් කිරීම උදෙසා හෙටත් ඇපකැප වන්නෙමු.

චාමින්දි අමදෝරු
ලේකම් - මැදදුම්බර ප‍්‍රාදේශීය සභාව

සියලුම ගෙවීම් කටයුතු පැය 24 පුරා සුරක්‍ෂිතව හා පහසුවෙන් සිදු කරන්න මැදදුම්බර ප‍්‍රාදේශීය සභාව වෙතින් QR, Credit/Debit card ගෙවීමේ ක‍්‍රම හඳුන්වා දී ඇත. කඩකුලී, ජල ගාස්තු, වෙන් කිරීම් (ක‍්‍රීඩාගංනය, යන්ත‍්‍ර, ශාලාව) සඳහා නිවසේ සිටම (online) ගෙවීම් කිරීමේ පහසුකම් දැන් ඔබ වෙත ලබා දී ඇත.

ගෙවීම් කිරීම සඳහා ඔබ විසින් ගිණුමක් ක්‍ෂනිකව සාදාගන්නේ කෙසේද? ඒ සඳහා පහත සඳහන් ලින්ක් එක ඔස්සේ ඇති උපදෙස් පිළිපදින්න.