මැදදුම්බර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය උතුරින් පන්විල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය හා උඩදුම්බර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙන්ද, දකුණින් වලපනේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙන්ද, බස්නාහිරේන් කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙන්ද මායිම්ව පිහිටා ඇති අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ නැගෙනහිර මායිමට බරව මධ්‍ය ප‍්‍රදේශයෙන් පිහිටා ඇත.
මැදදුම්බර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 1400ක් ඉහළින් පිහිටා තිබෙන කදුකර හා තෙත් කලාපයට අයත් ෙවි. සම්පූර්ණ භූම් ප‍්‍රමාණය වර්ග කි.ම්.196.01ක් වන අතර එය අක්කර 48,415.28ක භූම් ප‍්‍රමාණයකි. මෙම කොට්ඨාශය ග‍්‍රාම නිළධාරී වසම් 93කින් යුක්ත මුුළු ජනගහනය 70,541කින් හා ගම්මාන 275 කින් සමන්විත ෙවි.